වියට්නාමයේ නිල සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විදොදෝ හමුවුණා. ඒ, වියට්නාමයේ හැනෝයි නුවර මෙලියා හෝටලයේදීයි.
ශ‍්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර මිත‍්‍ර සබඳතා තව තවත් ශක්තිමත් කර ගනිමින් ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය හා සාමය ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙල සඳහා එක්ව කටයුතු කළ යුතු බව එහිදී අවධාරණය කෙරුණා. යුරෝපීය වෙළඳ පොලේ ප‍්‍රමාණවත් කොටසක් අත්පත් කර ගැනීම සඳහා දෙරට එක්ව පොදු උපාය මාර්ගයක් දියත් කර ගැනීම පිළිබඳව ද ඉන්දුනීසියානු ජනාධිපතිවරයා සහ ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍යවරයා අතර පැවති මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා.