වැඩිවන ජීවන වියදම අනුව වැටුප් වැඩිවන සූත‍්‍රයක් වැඩකරන ජනතාව වෙනුවෙන් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ ද අවධාරණය කරනවා.
එහි දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත කියා සිටියේ ඒ සඳහා වහා ක‍්‍රියාමාර්ග ගත යුතු බවයි.
ඉන්ධන මිල සූත‍්‍රය ක‍්‍රියාත්මක වන්නේ නම් වැටුප් සඳහා ද සූත‍්‍රයක් අවශ්‍ය බවට ඒකාබද්ධ විපක්ෂය ඊයේ (12) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම ද පෙන්වා දුන්නා.
වැඩිවන ජීවන වියදමට විසඳුම් ඉල්ලා එළඹෙන 18 වැනිදා කොළඹ කොටුවේ දී උද්ඝෝෂණයක් සංවිධාන කරන බවද කේ. ඩී. ලාල්කාන්ත වැඩිදුරටත් පැවසුවා.