උතුරු පළාත් සභාව විසින් මෙතෙක් සම්මත කර ගන්නා ලද ප්‍රධාන කරුණු පහක් සම්බන්ධයෙන් යෝජනාවන් ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කර ගැනීම සඳහා එම යෝජනාවන් පිළිබඳව සිහි කැදවීම් ඇතුළත් ලිපියක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය වෙත යැවීමට උතුරු පළාත් සභාව ඊයේ (12) තීරණය කොට තිබෙනවා.
ඒ උතුරු පළාත් සභාවේ 131 වෙනි සැසිවාරය පැවැත්වූ අවස්ථාවේදී එම්.කේ. ශිවාජිලිංගම් මන්ත්‍රිවරයා විසින් ඉදිරිපත් කරණ ලද යෝජනාවක් සභා සම්මත වීමෙන් පසුවයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාව ක්‍රියාත්මක කිරීම තවදුරටත් ප්‍රමාදවීම සම්බන්ධයෙන් කරුණු පහක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට යවන ලද ලිපියේ ඇතුළත් වෙන බවයි දැන ගන්නට ලැබෙන්නේ.
ජාත්‍යන්තර යුද අධිකරණයක් පිහිටුවීම ද ඇතුළත් කරුණු 05ක් එහිදී ඒකමතිකව සම්මත වූ බව පවසන එම්.කේ සිවාජිලිංගම් අදාල ලිපිය මේ වන විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය වෙත යැවීමට පියවර ගෙන ඇති බවද පැවසුවා.