Sunday, May 5, 2024

General line - 0115112241

බුදුරුව සහිත සාරියක් පැළඳ නීතිඥවරිය අධිකරණයට ඇවිත්

දිනසේන රතුගමගේ




යාපනය දිසා අධිකරණයේ නීතිඥවරියක් බුදුරුව සහිත සාරියක් පැළද අධිකරණයට පැමිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම නීතිඥවරියව අත්අඩංගුවට ගැනීමට යාපනය පොලීසිය අද (13) ඉහළ නිලධාරීන්ගෙන් උපදෙස් ඉල්ලා තිබෙනවා.

මේ නීතිඥවරිය අධිකරණයේ රාජකාරී සදහා ඊයේ (12) පැමිණ ඇත්තේ මෙම සාරිය පැළදගෙන බවයි වාර්තා වෙන්නේ.

ඒ බව අධිකරණයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් විසින් යාපනය මුලස්ථාන පොලීසිය වෙත දැනුම් දීමෙන් පසුව එම නීතිඥවරියට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට කතා බහක් යාපනය පොලීසිය තුළ ඇතිව තිබෙනවා.

මේ ක්‍රියාව සම්බන්ධයෙන් ගත යුතු පොලිස් ක්‍රියා පටිපාටිය පිළිබඳව යාපනය පොලීසිය ඉහල පොලිස් නිලධාරීන්ගෙන් උපදෙස් ඉල්ලා තිබෙනවා.