Thursday, May 2, 2024

General line - 0115112241

දින 21ක් ගත වෙද්දී බයෙන් ගැහෙන ගම්මු (PHOTOS)

කාංචන කුමාර ආරියදාස




එක් අයකු මිය ගොස් දින 21ක් ගත වෙද්දී ගමේ තවත් අයෙකු මිය යෑමේ සිදුවීම් මාලාවක් නිසා දැඩි භීතියට පත්ව සිටින ගම්මානයක් අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත්  පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා වෙනවා.

ගලෙන්බිදුනුවැව හල්මිල්ලවැව නම් වූ මෙම ගම්මානයේ වසරක පමණ කාලයක සිට මෙම අස්වාභාවික සිද්ධීන් සිදුවෙන බවටයි ගම්වාසීන් පවසන්නේ.

ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරු අනුව ගතවූ මාස කිහිපයේ පමණක් හල්මිල්ලවැව ගම්මානයේ  එක අයකු මියගොස් දින විසිඑකක් ගතවෙද්දී තවත් අයකු මිය යෑම් මේ වන විට පහළොස් දෙනෙක් මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම තත්ත්වය කිසියම් අදුෂ්‍යමාන තත්ත්වයක් දැයි ගම්මුන් දැඩි බියකින් පසුවනවා.

ගම්මුන් කියා සිටියේ මෙම තත්ත්වය හමුවේ සිය මරණාධාර සමිතියේ පවා මුදල් නොමැතිව සිදුවන මරණයන්වල අවසන් කටයුතු සිදු කර ගැනීමට පවා දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුව ඇති බවයි.

ගලෙන්බිදුනුවැව හල්මිල්ලවැව ගම්මානයේ  සුසාන භූමිය පෙන්වමින් එක් අයෙක් කියා සිටියේ මේ ආකරයට දින 21න් 21ට මිය ගිය 15 දෙනා එක පෙළට භූමිදානය කර ඇති බවයි.

මේ වන විට අවසන් පුද්ගලයා මිය ගොස් දින පහක් ගත වී සිටින නිසා යළිත් දින 21ක් ගත වෙද්දී සියලු දෙනාම දැඩි භීතියකින් පසු වන බවද ගම්වාසීන් කියා සිටියා.

හල්මිල්ලවැව ගම්මානයේ සියලුම ඇළ දොළ ගංගා සිදී ගොස් වසර ගණනාවක සිට උග්‍ර ජල හිඟයකට මුහුණ පා සිටින අයුරු දැක ගන්නට ලැබෙනවා.

අවසන් වශයෙන් ගම්වාසීන් ඉල්ලා සිටින්නේ  මේ පිළිබඳව කාගේ හෝ අවධානය යොමු කර මෙම භීතියෙන් සහ සිදුවීම්වාලාවෙන් ගම මුදා දෙන ලෙසයි.