Thursday, November 28, 2024

General line - 0115112241

අමෙරිකාව සතු මිලෙන් අධිකම සුපිරි ප්‍රහාරක යානයක් පළමුවරට අනතුරේ

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකානු හමුදාව සතු F - 35 B වර්ගයේ ප‍්‍රහාරක යානයක් එරට දකුණු කැරලිනා ප‍්‍රාන්තයේදී අනතුරට පත්ව තිබෙනවා. එවැනි යානයක් අනතුරට ලක්වුණු පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

අනතුරෙන් ගුවන් නියමුවා දිවි ගලවා ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණ කි‍්‍රයාත්මකයි. එෆ් තර්ටි ෆයිව් වර්ගයේ ප‍්‍රහාරක ගුවන් යානා අමෙරිකානු හමුදාව සතු විශාලතම සහ මිල අධිකම ප‍්‍රහාරක ජෙට් යානා වර්ගය ලෙස සැලකෙනවා.

එම වර්ගයේ ප‍්‍රහාරක ගුවන් යානායක මිල අමෙරිකානු ඩොලර් මිලියන 100ක් බවයි පැවසෙන්නේ.

මෙම යානාව 2015 ජුලි මස, එක්සත් ජනපද මැරීන් බලකායට හඳුන්වාදෙන ලද්දක්.