ඉන්දුනීසියාවේ සුලාවෙසි දිවයිනට බලපෑ භූමිකම්පාවෙන් සහ සුනාමි තත්ත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 832 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය් සිකුරාදා සිදුවූ මෙම ඛේදවාචකයෙන් මියගිය පිරිස මිට වඩා ඉහළ යනු ඇති බවයි එරට බලධාරීන් සදහන් කරන්නේ.
සුනාමි රළ පහරින් වැඩිම හානියක් සිදුවුයේ පාලූ දුපතටයි. ඉන්දුනීසියානු ආපදා ඒකකයේ ප්‍රධානියා පැවසුවේ පෙර සිතුවාට වඩා විශාල ප්‍රදේශයක් සුනාමි රළ පහරට ගොදුරුව ඇති බවයි.
මේ වන විට සහන සේවා කණ්ඩායම් විපතට පත්වූ පිරිස් මුදා ගැනීමට සහ මියගිය පුද්ගලයින් සොයා මෙහෙයුම් මේ වන විට දෙවන දිනයටත් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.
භූමිකම්පාව හා සුනාමිය හේතුවෙන් ගොඩනැගිලි සහ මගී පාලම් රැසක් විනාශයට පත්ව ඇති අතර යුධ හමුදාව භට පිරිස්ද සහන සේවා සදහා කැඳවා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ අතර සුනාමිය හේතුවෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය ආහාර, ඉන්ධන ඇතුළු අත්‍යාවශය ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු සිදුවෙමින් පවතීන බවයි එරට මාධ්‍ය සදහන් කර සිටින්නේ.
.........................................................................
සුනාමියෙන් මියගිය පිරිස 384 දක්වා ඉහළට
(29-09-2018 14:36)
ඉන්දුනීසියාවේ සුලාවිසි දුපත ආසන්නයේ ඊයේ (28) සිදුවූ රිච්ටර් ඒකක 7.5ක ප්‍රභල භූකම්පනය හේතුවෙන් ඇතිවූ සුනාමි තත්ත්වය නිසා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 384 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරට ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරන්නේ පුද්ගලයින් 500 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි.
මෙම සුනාමි තත්ත්වයෙන් වැඩිම හානියක් සිදුව ඇත්තේ පාලු දුපතට වැඩි හානි සිදුව තිබෙනවා. එම දුපතට ඇතිවූ සුනාමි රළ පහර අඩි 10 ක් පමණ උස්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මියගිය පුද්ගලයින් ගෙන් වැඩි පිරිසකගේ මළ සිරුරු වෙරළ ආසන්නයෙන් හමුවී ඇති අතර එම සංඛ්‍යා තවත් වැඩිවිය හැකි බවයි එරට බළධාරීන් සදහන් කරන්නේ.
සුනාමි රළ පහරින් දිවි ගලවා ගැනීමට ඇතැම් පුද්ගලයින් අඩි 18ක් පමණ උස්වූ ගස් මතට නැග සිටි බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.