Thursday, November 28, 2024

General line - 0115112241

සිය ගණනකගේ දිවි බේරා තම ජිවිතය පුජාකළ ගුවන් පාලකවරයා (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




සිය ජිවිතය පුජා කරමින් ගුවන් මගින් සිය ගණනකගේ දිවි බේරා ගත් 21 හැවිරිදි ගුවන් ගමන් පාලකවරයෙක් ගැන ඉන්දුනීසියාවෙන් වාර්තා වනවා.

ඉකුත් සිකුරාදා (28) අන්තොනියෝස් ගුවාන් ආගුන් නම් වූ 21 හැවිරිදි තරුණ ගුවන් ගමන් පාලකවරයා සුපුරුදු පරිදි ඉන්දුනීසියාවේ සුලාවෙසි හි පාලූ ගුවන් තොටුපලේ රාජකාරියේ නිරත වෙමින් සිටියදී රිච්ටර් ඒකක 7.5 ක ප්‍රභල භුකම්පනය සිදුව තිබෙනවා. 

ඒ මොහොත වන විට පාලූ ගුවන් තොටුපලේ ධාවන පථයෙන් ගුවන් ගතවෙමින් තිබු Batik Air ගුවන් සේවයට අයත් 6321 දරණ ගුවන් යානයේ මගින් සියකට අධික පිරිසක් සිට තිබෙනවා.

සිදුවූ ප්‍රබල භූකම්පනයෙන් පාලූ ගුවන් තොටුපලේ පිහිටි ගුවන් ගමන් පාලක මැදිරිය පිහිටි ගොඩනැගිල්ලට හානි සිදුව තිබු අතර ඒ සමග සිදුවූ රිච්ටර් ඒකක 6.1 ක පසු කම්පනයත් සමග එම පාලක මැදිරිය පිහිටි කුලුන කඩා වැටීමට පටන් ගෙන තිබෙනවා.

ඒ වන විට පාලූ ගුවන් තොටුපලේ රාජකාරියේ නිරතව සිටි ගුවන් ගමන් පාලක නිලධාරින් තමන්ගේ ජිවිත බේරා ගැනීමට සිය සේවා ස්ථානයෙන් පිටතට දිව ගොස් තිබුනත් සිය රාජකාරිය අත්නොහළ මෙම තරුණ ගුවන් නියමුවරයා ගුවන් ගත වෙමින් තිබු ගුවන් යානයේ සිටි නියමුවාට ගුවන් යානය ආරක්ෂිතව ගුවන් ගතවන තෙක් තම රාජකාරියේ නිරතව සිට ඇති බවයි වාර්තා වන්නේ.

ගුවන් යානය ආරක්ෂිතව ගුවන් ගතවී සුළු මොහොතක් ගතවී සුළු මොහොතක් ගතවීමට පෙර ගුවන් ගමන් පාලක කුලුන සම්පුර්ණයෙන් විනාශ වූ අතර සිවුවෙනි මහලේ රැදී සිටි අන්තෝනියෝ එහි තිබු කවුළුවකින් බිමට පැන තිබෙනවා. බිමට ඇද වැටුනු ඔහුව රෝහල් ගත කලත් ශරීරයේ අභ්‍යන්තරයේ සිදුව තිබු රුධිර වහනය හේතුවෙන් ඔහු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

තම ජීවිතය ගැන නොතකා ගුවන් ගත වෙමින් තිබු ගුවන් යානයේ සිටි මගින් සිය ගණනකගේ ජීවිත අවධානමේ නොහෙලා සිය රාජකාරිය අකුරට ඉටු කළ අන්තොනියෝස් ගුවාන් දැක්වූ නිර්භිතබාවය හේතුවෙන් ඔහු සැබැ වීරයෙක් ලෙස හදුන්වන බව ඉන්දුනීසියානු බලධාරීන් සදහන් කර සිටියා.