Thursday, May 2, 2024

General line - 0115112241

හිටපු ජනපති ආර්යාවකට රජයෙන් නිවසක්

හේමන්ත කහවලගේ




දිවංගත හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ බිරිඳ වන හේමා පේ‍්‍රමදාස ආර්යාව වෙනුවෙන් කොළඹ 07 හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ නව නිවසක් ලබා දීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා.

නිවසේ අලූත්වැඩියා කටයුතු භාර දී ඇත්තේ නාවික හමුදාවටයි. මේ වසරේ ඊට වැයවෙතැයි ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 06ක්. ලබන වසරේදී එහි අලූත්වැඩියා කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 28ක් වැය වෙතැයි ඇස්තමේන්තු කර තිබෙනවා.

ඒ සඳහා මූල්‍ය දායකත්වය ලබා දෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය හා මහා භාණ්ඩාගාරයයි. හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් ඝාතනයට ලක්වුණා.