Thursday, May 2, 2024

General line - 0115112241

නාලක සිල්වාගේ සහ නාමල් කුමාරගේ හඬ සම්පල වාර්තාව කඩිනමින් අධිකරණයට එයි

හේමන්ත කහවලගේ




නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ නාමල් කුමාර නමැත්තාගෙන් ලබා ගත් හඬපට ළඟදීම අධිකරණයට ඉදිරිපත් කිරීමට රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව සූදානම් වනවා. නාමල් කුමාර නමැත්තා සිදු කළ අනාවරණයකට අදාළවයි ඉකුත් දා ඔවුන් දෙදෙනාගෙන්ම හඬ සාම්පල ලබා ගත්තේ.

ඒ, අධිකරණයෙන් ලබා ගත් නියෝගයකට අනුවයි. 

ලබා ගත් හඬ සාම්පල පරික්ෂා කිරීමෙන් අනතුරුව කඩිනමින් ඊට අදාළ වාර්තා ලබා දීමට සූදානම් බවයි රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු පැවසුවේ. 

මේ අතර නාමල් කුමාර නමැත්තා ඉකුත් දා සිදු කළ අනාවරණය පිළිබඳ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් හා පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් ප‍්‍රකාශයන් ලබා ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන බවටද වාර්තා පළ වනවා.