Monday, May 6, 2024

General line - 0115112241

තරුණයෙකුට වෙඩි තැබූ සිද්ධියේ 11ක් අල්ලයි (UPDATE)




බේරුවල පන්නිල අක්කර 80 ප‍්‍රදේශයේ ඊයේ (03) රාත‍්‍රියේ සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් 11 දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බේරුවල ප‍්‍රදේශයේදීයි.

ඊයේ රාත‍්‍රී 08.20ට පමණ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් 26 හැවිරිදි තරුණයෙකු තුවාල ලැබුවා. ඔහු මේ වනවිට ප‍්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේයි. 

------------------------------

යතුරුපැදිය පැහැර ගන්න තරුණයෙකුට වෙඩි තබලා 

(04-10-2018 07:12)

 

බේරුවල පන්නිල අක්කර 80 ප‍්‍රදේශයේ ඊයේ (03) රාත‍්‍රියේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තරුණයා වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඊයේ රාත‍්‍රී 08.20ට පමණ ඔහු වෙඩි ප‍්‍රහාරයට ලක්ව ඇත්තේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදීයි.

තුවාල ලැබූ එම පුද්ගලයා ප‍්‍රතිකාර සඳහා පළමුව ඇතුළත් කෙරුණේ නාගොඩ මහ රෝහලටයි. මෙලෙස වෙඩි ප‍්‍රහාරයට ලක්ව ඇත්තේ මුංහේන වලතර ප‍්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක්. ඔහුගේ යතුරුපැදිය පැහැර ගැනීමේ අරමුණින් වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි සැක කෙරෙනවා.