Thursday, May 9, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ජංගම දුරකථන පරික්ෂා කිරීම ගැන ක්‍රිකට් ආයතනය කරුණු දක්වයි




"ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ජංගම දුරකථන පරික්ෂා කරයි : ICC හදිසියේ කඩා පනියි" පුවත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් ඊයේ (08) දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ගේ ජංගම දුරකථන පරික්ෂා කිරීමක සිදුනොකල බවයි.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පිහිටි විවේකාගාරයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සහ එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් හට දැනුවත් කිරීමේ වැඩසටහනක් පමණක් පැවැත්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා සිටිනවා.