Friday, May 10, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයට හිමිවූ තැන මෙන්න (PHOTO)

දිනුක් හේවාවිතාරණ




ලොව බලවත්ම ගුවන් ගමන් බලපත්‍රය පිලිබදව සිදු කරනු ලබන වාර්ෂික ලැයිස්තුගත කිරීම් වලට අනුව එහි අනුව ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයට 83 වන ස්ථානය හිමිව තිබෙනවා. 

ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රය දරන පුරවැසියෙකුට වීසා නොමැතිව ලොව රටවල් 17 කට ඇතුල්වීමට අවසර හිමිව තිබෙන අතර අදාළ රටට පැමිණීමෙන් පසුව (On Arrival Visa) වීසා ලබාගැනීමේ පහසුකම හිමිව ඇත්තේ රටවල් 30 කින් පමණි. අනෙක් රටවල් 151 ක සංචාරය කිරීම සදහා ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය දරන පුරවැසියෙකු කල්තියා විසා ඉල්ලුම් කිරීම අනිවාර්ය වී ඇති බවයි මෙම දර්ශකය වාර්තා කර සිටින්නේ.

මෙම දර්ශකයට අනුව පළමු ස්ථානය හිමිකර ගැනීමට සිංගප්පුරුව සහ ජර්මනිය සමත්ව තිබෙනවා. ඒ ලොව රටවල් 165ක් සදහා වීසා ගාස්තු රහිතව හෝ අදාළ රටට පැමිණීමෙන් පසු වීසා ලබා ගැනීමේ පහසුකම මෙම රටවල් දෙකේ පුරවැසියන්ට ඉඩ අවකාශ හිමිව තිබෙන බවයි passportindex.com වෙබ් අඩවිය සදහන් කරන්නේ.

එම වෙබ් අඩවියට අනුව දෙවැනි ස්ථානයට රටවල් 11 ක් ඇතුලත්වී තිබෙනවා. එම රටවල් නම් ඩෙන්මාර්ක්, ස්වීඩන්, ෆින්ලන්තය, ලක්සම්බර්ග්, ඉතාලිය, ප්‍රංශය, නොර්වේ, නෙදර්ලන්තය, ස්පාඤඤය, දකුණු කොරියාව සහ අමෙරිකා එක්සත් ජනපදය ලැයිස්තුගතවී ඇති අතර එම රටවල විදෙස් ගමන් බලපත්‍රය දරන පුද්ගලයින්ට ලොව රටවල් 164 කට වීසා ගාස්තු රහිතව හෝ අදාළ රටට පැමිණීමෙන් පසු වීසා පහසුකම් ලබා ගැනීම සදහා අවසරය හිමිව ඇත.

මෙම දර්ශකය අනුව අවසාන ස්ථාන තුන පිලිවලින් පාකිස්ථානය (88 වන ස්ථානය) ඉරාකය (89 වන ස්ථානය) සහ ඇෆ්ගනිස්ථානය (90 වන ස්ථානය) හිමිකර ගෙන තිබෙනවා.

2018 වර්ෂය සදහා වන දර්ශකයට මෙතනින් පිවිසෙන්න