Friday, May 10, 2024

General line - 0115112241

දුම්රියක ගැටී වන අලියෙක් මරුට

රොෂාන් තුෂාර - පොළොන්නරුව




පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ දී ඊයේ (09) රාත්‍රියේ නැවත වරක් වන අලියෙකු දුම්රියේ ගැටී මියගොස් ඇතැයි වැලිකන්ද වනජීවී කාර්යාලය ප්‍රකාශකයකු පැවසීය.

වැලිකන්ද මොණරතැන්න ප්‍රදේශයේදී මෙම වන අලියා දුම්රියේ ගැටී ඇති බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා සිටියේ.

මිට දින කිහිපයකට පෙර වැලිකන්ද පුල්ලෙයාර් අඩි ප්‍රදේශයේදී මඩකලපුවේ සිට කොළඹ බලා පැමිණි දුම්රියේ ගැටී වන අලින් තිදෙනෙකු මරුමුවට පත්විය.