Friday, May 10, 2024

General line - 0115112241

එල්.ටි.ටි.ඊ. නායකයා සම්මාන දුන් වෛද්‍යවරයා මිය යයි

දිනසේන රතුගමගේ - වවුනියාව




හිටපු එල්.ටී.ටී.ඊ.නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට ඔහුගේ පවුලේ ඥාතීන්ට හා එල්.ටී.ටී.ඊ.සංවිධානයේ බොහෝ පිරිසකට වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් කනකසුන්දරම් මයිලේරුම්පෙරුමාල් නම් වෛද්‍යවරයා ඊයේ (09) යාපනයේ වැල්වෙටිතුරෙයි පිහිටි ඔහුගේ නිවසේදී මියගොස් තිබෙනවා.

1997 සිට 2013 දක්වා කාලය තුළ ඔහු කිළිනොච්චියේ සේවය කොට ඇති අතර ඊට පෙර යාපනයේ වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කොට තිබේ. ප්‍රභාකරන්ගේ උපන්ගම වූ වැල්වෙටිතුරේ ගම්මානය මේ වෛද්‍යවරයාගේ උපන් ගම වන අතර ප්‍රභාකරන්ගේ පවුලේ ඥාතින් සමග මොහු ඉතා වීම නිසා ඔහුගේ සේවය එල්.ටී.ටී.ඊ.නායකයා විසින්ද ලබාගෙන ඇත.

වරක් හිටපු එල්.ටි.ටි.ඊ. නායකයා විසින් මොහුව රාජකීය වෛද්‍යවරයා වශයෙන් ගරුනම්බු දී පදක්කම් පිරිනැමීමක්ද සිදු කොට උපහාර දක්වා තිබෙන බව සදහන්.

මියගිය වෛද්‍යවරයාගේ දේහයට දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්වම් අඩෙයිකලනාදන් හා උතුරු පළාත් සභා මන්ත්‍රි එම්.කේ  ශිවාජිලිංගම් යන අය අවසන් ගෞරව දක්වා තිබේ.