Friday, May 10, 2024

General line - 0115112241

සභාග ආණ්ඩුවක් හදනවානම් එකතු වෙන්න සූදානම් බව කියන දෙමළ මුස්ලිම් පක්ෂ මෙන්න

හේමන්ත කහවලගේ




සභාග ආණ්ඩුවක් බිහි වන්නේ නම් දෙමළ සහ මුස්ලිම් පක්ෂ කිහිපයක් ද ඊට සහය දැක්වීමට සූදානමින් සිටින බවට වාර්තා පළ වනවා.

අමාත්‍ය රිෂාඞ් බදියුදීන් නායකත්වය දරණ ශ‍්‍රී ලංකා මක්කල් කොංග‍්‍රසය, අමාත්‍ය රාවුෆ් හකීම් නායකත්වය දරණ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩග්ලස් දේවානන්දගේ ඊ පී ඩී පී සහ අමාත්‍ය මනෝ ගනේෂන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ එම පක්ෂයි.

ඔවුන් සභාග ආණ්ඩුව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් පාර්ශව සමග දැනටමත් සාකච්ඡා කර ඇතැයි ද  වාර්තා වුණා. එහිදී එම පක්ෂ සභාග ආණ්ඩුවක් සඳහා කැමැත්ත පළ කර ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.