Friday, September 20, 2024

General line - 0115112241

ඇඟ පුරා පච්ච කොටා 19ක් මැරූ ‘ජපනා‘ හිනාවෙවී කියන කතා (PHOTOS)



පුද්ගලයෙක් ජපානයේ ආබාධියන් 19 දෙනෙක් ඝාතනය කළ පුවතක් ඊයේ වාර්තා වුණා.

මෙම ප්‍රහාරයෙන් තවත් 26 දෙනෙකු තුවාල ලැබුවා.

මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසුව එරට සිදුවූ දරුණුම සමූල ඝාතනය බවයි පැවසෙන්නේ.

එම ඝාතන සිදුකීරිමෙන් අනතුරුව ඔහු පවසා සිටියේ ලොවින් ආබාධිතයන් තුරන් කිරීමට ඔහුට අවශ්‍ය වූ බවයි.

කේසේ වෙතත් ඔහුගේ ඡායාරූප කිහිපයක් පිලිබඳ මේ වන විට විදෙස් මාධ්‍ය කතාබහ කරනවා.

ඔහුගේ පිටේ විශාල ප්‍රමාණයේ පච්චයක්(ටැටූ) එකක් කොටා ඇති අතර එය ජපානයේ පතාල කල්ලි හා සම්බන්ධ එකක් යැයි වාර්තා වනවා.

මීට අමතරව ඔහු මෙම ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව ට්විටර් ගිණුමේ ඡායාරූපයක් පළකිරමින් පවසා ඇත්තේ ‘‘දැන් ලෝකයට සාමය උදාවනු ඇති බවයි“ ඊට අමතරව ‘සුන්දර ජපානය‘ ලෙසද ඔහු එහි සටහන් කර තිබුණා.

ආබාධිතයන් ඝාතනය කිරීමෙන් ලෝක ආර්ථිකය දියුණු වනු ඇති බවත්,තුන්වන ලෝක යුද්ධයක් ඇතිවීම වළක්වා ගත හැකිවනු ඇති බවත් ඔහු පවසා තිබෙනවා.

ඔහු සිනාසෙන මුහුණුන් යුතුව ජපාන පොලීසියට භාරවන අයුරුද විදෙස් මාධ්‍යන්හි විශේෂ කතාබහට ලක්වුණා.

 

3699840400000578-3707721-image-a-6_1469603560262 369E375800000578-3707721-image-a-2_1469580682598 369F4EB000000578-3707721-image-m-5_1469603551755