මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද (17) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා- එංගලන්ත තුන්වන එක් දින තරගය වර්ෂාව හේතුවෙන් නියමිත වෙලාවට ආරම්භ කිරීමට නොහැකි තිබෙනවා.
මේ අතර එංගලන්තය සමඟ අද පැවැත්වෙන තරගයේ දී කුසල් ජනිත් පෙරේරා වෙනුවට සධීර සමරවික‍්‍රම ශ‍්‍රී ලංකා කණ්ඩායමට කැඳවනු ඇතැයි වාර්තා වනවා. ඒ, කුසල් ජනිත් පෙරේරා ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්.
2017 වසරේ දෙසැම්බර් මාසයෙන් පසු සධීර සමරවික‍්‍රමට මේ දක්වා ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් හිමි වූයේ නැහැ. අද ඔහු ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළහොත් එය ඔහුගේ සිව්වන එක්දින ජාත්‍යන්තර තරගය වනු ඇති.