Monday, May 6, 2024

General line - 0115112241

03 වන ටෙස්ට් තරගයේදීත් ශ‍්‍රී ලංකාව අසීරු අඩියක

තරංග රුක්ෂාන් ජයසේකර




සංචාරක එංගලන්ත කණ්ඩායම හමුවේ ශ‍්‍රී ලංකා කණ්ඩායම 03 වන ටෙස්ට් තරගයේදී ද අසීරු තත්වයකට මුහුණ දී සිටිනවා. ඒ, තරගයේ 03 වන දිනය අවසන් වනවිට ශ‍්‍රී ලංකා දෙවන ඉණිමේ කඩුලූ 04ක් ලකුණු 53ක් තුළ බිඳ වැටීමත් සමඟයි. තරගයේ ජයග‍්‍රහණය සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 327ක්. ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායමට ඉදිරි දින දෙක තුළ කඩුලූ 06ක් ආරක්ෂා කර ගනිමින් තරගයේ ජයග‍්‍රහණය සඳහා තවත් ලකුණු 274ක් රැස්කර ගත යුතු වනවා. 

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්තය රැස් කළ ලකුණු 336ට පිළිතුරු ලෙස ශ‍්‍රී ලංකාව රැුස් කළේ ලකුණු 240ක් පමණයි. එංගලන්ත දෙවන ඉණිම අද ලකුණු 230කට සීමා වුණා. ජොස් බට්ලර් එහිදී ලකුණු 64ක් රැස් කළා. ලකුණු 88කට කඩුලූ 05ක් බිඳ හෙළමින් දිල්රුවන් පෙරේරා පන්දුවෙන් දස්කම් දැක්වූවා. 

අද දිනය නිමා වීමට පන්දුවාර 17ක් ඉතිරිව තිබූ අතර ශ‍්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලූ 03 බිඳ වැටුණේ පන්දුවාර 12ක් තුළයි. ධනුෂ්ක ගුණතිලක ලකුණු 06කටත්, ධනංජය සිල්වා ලකුණු නොලබාත්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 05කටත් දැවී ගියා.