Monday, April 29, 2024

General line - 0115112241

මහින්ද යෝජනා කිරීම ගැන එජනිස ඒකමතික තීරණයකට එයි

නිශාන් ද සිල්වා/තරංග රුක්ෂාන්




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරයට නම් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද (18) ඒකමතිකව තීරණය කළා.

ඒ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර අද (18) පෙරවරුවේ පැවැති විශේෂ සාකච්ඡාවේදීයි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව ආරම්භ වුණේ පෙරවරු 10.00ට පමණයි.

මේ අතර පාර්ලිමේන්තු රැස්වීමට අද දිනයේ සහභාගී වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය දැනටමත් තහවුරු කර අවසන්. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගන්නා බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගම පැවසුවේ.

ඉකුත් දා එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්වූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුනේෂ් ගන්කන්ද ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීමට සහභාගී වී සිටියා.

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බවයි වාර්තා වුණේ.