Monday, April 29, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තැබේ

දිනුක් හේවාවිතාරණ




පාර්ලිමේන්තුව හෙට (19) පස්වරු 1 දක්වා කල් තැබීමට කථානායක කරු ජයසුරිය නිවේදනය කරනු ලැබුවා. කෙසේ වුවත් අද (18) දිනයේ පාර්ලිමේන්තුවේ වැඩකටයුතු සවස 4.30 දක්වා පවත්වන බවයි කථානායකවරයා වැඩි දුරටත් කියා සිටියේ.

මෙහිදී පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන ලදී.

මෙහිදී සිරිමාවෝ බණ්ඩාරණායක මහත්මියගේ කාලයේ සිට මේ දක්වා රාජ්‍ය නායකයින් විසින් විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට ජනතාවට දුන් පොරොන්දු සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නලින්ද ජයතිස්ස මන්ත්‍රිවරයා කටයුතු කර සිටියා. 

වත්මන් ජනාධිපතිවරයා සිය ධුරයට පත්වුයේ විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බවට පොරොන්දු වූ බවත් එහිදී පළමු දින 100 දී විධායක බලතල අඩු කරමින් ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමේ මතයක සිටින බවයි මන්ත්‍රිවරයා කියා සිටියේ.

විධායක ජනාධිපතිධුරයේ ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් ගතවූ දින 50 ක කාලය ප්‍රමාණවත් බවයි මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියා.විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ යෝජනාවට දේශපාලන පක්ෂ විරෝධය නොදැක්විය යුතු බවත් ඒ සඳහා තීරණය කිරීමට රටේ පොදු ජනතාවට ඉඩ ලබා දිය යුතු බවයි. 

මහින්ද රාජපක්ෂ මහතා පවා මෙම විධායක ජනාධිපතිධුරයෙන් බැට කෑ බවත් ගතවූ දින 50 තුලදී ඒ පිළිබද හොද අත්දැකීමක් ලබා ගන්නට ඔහුට ඉඩ සැලසුණු බව නලින්ද ජයතිස්ස මන්ත්‍රිවරයා කියා සිටියේ.