Monday, April 29, 2024

General line - 0115112241

අසිරිමත් නත්තල උදාවට තවත් හෝරා දෙකයි - නෙත් රේඩියෝවේ දේව මෙහෙය වැලිගම්පිටිය ශාන්ත ආනා දේවස්ථානයේදී (UPDATE)

පසන් වික්‍රමතිලක




අසිරිමත් නත්තල උදාවීමට ඉතිරිව ඇත්තේ තවත් හෝරා දෙකකට අඩු කාලයක් පමණයි. නෙත් එෆ් එම් රේඩියෝව මෙවර නත්තල් දේව මෙහෙය ගෙන එන්නේ ජාඇල වැලිගම්පිටිය ශාන්ත ආනා දේවස්ථානයේ සිටයි.

රාත‍්‍රී 11යි 30 සිට එම සජීවි විකාශයේ කටයුතු ආරම්භ කෙරෙනවා. එම දේව මෙහෙය පිළිබද වැලිගම්පිටිය මීසම භාර අයිවන් පීටර්ස් පියතුමන් මෙලෙස අදහස් පළ කළා.  

උදාවන නත්තල ලෝ වාසි සියල්ලන්ට ද සුබ නත්තලක් වේවායි නෙත් එෆ් එම් රේඩියෝව ප‍්‍රාර්ථනා කරනවා.

...........................................................

නෙත් එෆ් එම් නත්තල් දේව මෙහෙය ජාඇල ශාන්ත ආනා දෙව් මැදුරේදී 

(24-12-2018 18:37)

උදාවන අසිරිමත් නත්තල පිළිගැනීමට කිතුණු බැතිමතුන් සූදානම් වනවා. මෙවර නෙත් එෆ් එම් රේඩියෝවේ නත්තල් දේව මෙහෙය පැවැත්වෙන්නේ ජාඇල වැලිගම්පිටිය ශාන්ත ආනා දේවස්ථානයේ සිටයි. 

ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීමට දැන් අප සම්බන්ධ වනවා එහි සිටින නෙත් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාර සමගින්.