Monday, April 29, 2024

General line - 0115112241

පාර්සල් ප්‍රශ්නයක් දුම්රිය රත්වෙයි (PHOTOS)

පාලිත ආරියවංශ - බදුල්ල




බදුල්ල සිට කොළඹ කොටුව දක්වා අද (24) සවස 5:55 ට ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය පාර්සල් ප්‍රශ්නයක් හේතුවෙන් පැයකට ආසන්න කාලයක් ප්‍රමාද වීමත් සමග එහි සිටි මගින් හා දුම්රිය සේවකයින් අතර දැඩි නොසන්සුන් තාවයක් ඇතිවී තිබෙනවා. 

ඇතිවූ නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සඳහා බදුල්ල දුම්රිය ස්ථානයේ සේවකයින් පොලිසියද කැඳවනු ලැබූ බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

දුම්රියට පාර්සල් බාර ගැනීමට ගාඩ්වරුන් ප්‍රතික්ෂේප කිරීමේ ක්‍රියාමාර්ගයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවූ අතර අවසානයේදී දුම්රියට පටවා තිබු පාර්සල් යලි බිමට ගැනීමෙන් අනතුරුව දුම්රිය කොළඹ කොටුව බලා ධාවනය කෙරවූ බව අප වාර්තාකරු සඳහන් කර සිටියා.