Monday, April 29, 2024

General line - 0115112241

කිලිනොච්චියේ ආපදා තත්වය ගැන අගමැතිට වාර්තාවක්




කිලිනොච්චි ප‍්‍රදේශයට බලපා ඇති ආපදා තත්වය සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත විශේෂ වාර්තාවක් භාර දී තිබෙනවා. ඒ, රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර විසින්. 

අමාත්‍යවරයා අද (24) එම ප‍්‍රදේශයේ ඇති වී තිබෙන තත්වය නිරීක්ෂණය කිරීමෙන් පසු අදාළ වාර්තාව අග‍්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ. පීඩාවට පත්ව සිටින ජනතාවට තවදුරටත් සහන සලසන ලෙසයි අදාළ අංශවලට අග‍්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ. පීඩාවට පත් ජනතාවට වන්දි ලබාදීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස ද අග‍්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යංශයට උපදෙස් ලබාදී තිබෙනවා.