Monday, April 29, 2024

General line - 0115112241

සරල සහ බෙදා ගැනීමේ ජිවිතයකට හුරුවන්න : නත්තල් දිනයදා ශුද්ධෝත්තම පියතුමන් ඉල්ලා සිටියි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාවට සරල සහ අඩු ද්‍රව්‍යවාදී ජිවිතයක් ගත කරන ලෙස අති උතුම් ෆ්රැන්සිස් පාප් වහන්සේ ඉල්ලා සිටිනවා. එමෙන්ම ලෝකයේ දුප්පත් හා පොහොසතුන් අතර ඇතිවී තිබෙන දැවැන්ත බෙදීම උන්වහන්සේ හෙළා දකින බවත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොව එළිය දුටුවේ දුප්පතෙක් ලෙස බවත් ඒ සියලු දෙනාට ජිවිතයේ යථාර්ථය අවබෝධ කරදීම සඳහා බව ප්‍රකාශ කර සිටියා.

වතිකානුවේ ශාන්ත පීතර දේව මාලිගාවේ පැවැත්වෙන සාම්ප්‍රාදායික නත්තල් දින දේව මෙහෙය අමතමින් අති උතුම් ශුද්ධෝත්තම පියතුමන් මේ බව ප්‍රකාශ කර සිටියා.

ක්‍රිස්තුස් වහන්සේගේ උපත මගින් අපට උගන්වන්නේ සැප සම්පත් වලින් පිරුණු හා බදාගෙන ජීවත්වීම නොවේ, ඒ තුලින් අපට දෙන පණිවිඩය නම් බෙදා හදාගෙන ජිවත් වීමේ නව ක්‍රමය බව ප්‍රකාශ කර සිටියා.

මේ සියළුම ද්‍රවයම වස්තුන් සහ සංකීර්ණ ජීවිතයන් අපට අවශ්‍යද කියා අප අපෙන්ම විමසා බලමු? මේ අනවශ්‍ය අතිරේක ද්‍රව්‍යම වස්තුන් ගෙන් පිරුණු ජිවිතයෙන් තොරව අපට වඩා සරල ජිවිතයක් ගත කළ නොහැකිද යන්න ගැන අපම සිතා බලමු. අද බොහෝ දෙනාගේ ජිවතයේ අර්ථය වී ඇත්තේ භෞතිකමය වස්තුන් ඇතුව සිටීමයි. අදෘශ්‍යමාන ගිජුකමින් යුතුව දිනපතා කාබී ප්‍රීතිවන මිනිසුන් කොට්ඨාශයක් සිටියදී තවත් පිරිසක් මේ ලෝකයේ දිනපතා ආහාරයට ගැනීමට කිසිවක් නොමැතිව ජිවිත සටනේ නිරතවන බව ශුද්ධෝත්තම පියතුමන් සිය නත්තල් දින පණිවිඩයේදී වැඩි දුරටත් සඳහන් කර සිටියා.

ඔහු තවදුරටත් මෙසේ කියයි: "මේ සියලු ද්රව්යමය වස්තූන් හා සංකීර්ණ වට්ටෝරු සැබැවින්ම අවශ්යද? මට මේ අනවශ්ය අතිරේකවලින් තොරව කළමනාකරණය කළ හැකි අතර වඩා සරල ජීවිතයක් ගත කළ හැකිද?

"බොහෝදෙනෙකුගේ ජීවිතයේ අර්ථය භෞතික වස්තූන් අතිරික්තයක් ඇතුව සිටින අතර, අදෘශ්යමාන ගිජුකමේ සියලු මනුෂ්ය ඉතිහාසය සලකුනු කරන්නේ, වර්තමානයේ පවා, පරරෝචනීය ලෙස, දිනපතාම කෑම කමින් බොහොමයක් කෑමට ගත හැකි වන අතර බොහෝ දෙනා දිනපතා රොටි නොමැතිව ගමන් කරති. නොනැසී පවතී. "

ලතින් ඇමරිකාවේ මුල්ම පාප් වහන්සේ වන අති උතුම් ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පියතුමන් ප්‍රකාශ කර සිටියේ පාප් පදවියේ ප්‍රධාන තේමාව දුප්පතුන්ගේ තත්ත්වය අන්‍යයන්ට අවබෝධ කරලීම බව මිට පෙර අවධාරණය කර සිටියා.

මින් පෙර 2016 වසරේදී ද නත්තල් දිනයදා සිය කතාවේදී අති උතුම් ශුද්ධෝත්තම පියතුමන් සිය නත්තල් දින කතාවේදී ප්‍රකාශ කර සිටියේ නත්තල් සමයේ සැබෑ අර්ථය භෞතිකවාදය විසින් ගිලගෙන ඇති බවට අනතුරු ඇඟවීමක් කරනු ලැබුවා.