Monday, April 29, 2024

General line - 0115112241

"නත්තලේ ගැඹුරු අර්ථය පහත් කිරීමට ඉඩ නොතැබිය යුතුයි" - කොළඹ අගරදගුරු




නත්තලේ ගැඹුරු අර්ථය කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකර නත්තල ද තවත් හුදු වත් පිළිවෙතකට හෝ පරිභෝජන උළෙලක තත්ත්වයට පහත් කිරීමට ඉඩ නොතැබිය යුතු බව කොළඹ අගරදගුරු  කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා.

නත්තල හෙවත් දෙවියන් වහන්සේ මනුෂ්‍යයා වී අප අතර ඉපදීම, දෙවියන් වහන්සේ මුළු මහත් මනුෂ්‍ය සංහතියටම දැක්වූ විශේෂ උපහාරයක් වන බවයි නත්තල වෙනුවෙන් කාදිනල් තුමන් නිකුත් කළ පණිවිඩයේ දැක්වෙන්නේ. 

නත්තල මිනිස් වර්ගයාගේ උත්තරීත්තරත්වයේ මංගල්‍යයි. එසේ වුවද අද අප ජීවත් වන්නේ ජීවිතය සෑම අතින්ම තර්ජනයට ලක්වන යුගයකයි. මිනිස් ජීවිතය ආරක්ෂා කරනු වෙනුවට එහි උත්තරීතර අගය පහත් කිරීමට සහ මුදලට එය මුළුමනින්ම යට කරන්නට වෙර දරන්නන්ගෙන් පිරි ලොවක් අද නිර්මාණය වෙමින් තිබෙන බවද කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පෙන්වා දෙනවා.

පවතින පරිභෝජනවාදී ආර්ථික ක‍්‍රමය සැම විටම කිරුළු පළඳන්නේ මිනිසුන් වහලූන් බවට පත් කරන ආත්මාර්ථකාමයට සහ අධික තණ්හාවටයි. මානව හිතවාදී හිත් හැදෑරීමක් තුළින් සියලූ මනුෂ්‍යයන් කෙරේ ගෞරවයත් ස්වභාව ධර්මය සහ සමස්ත පරිසරය කෙරෙහි දැඩි සංවේදීතාවක් දැක්වීමේ අවශ්‍යතාව ද කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පෙන්වා දෙනවා.