සිදු වෙමින් ඇති කාලගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාවේ වී වගාව මෙම වසරේදී ප්‍රබල අභියෝගයකට මුහුණදෙනු ඇතැයි පරිසරවේදීන් පෙන්වා දෙනවා.
මේ, ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දක්වන පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම්.
වන ගහණය අඩුවීම නිසා වැසි රටාවන් ද වෙනස් වන බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ. මේ නිසා ආපදා අවදානම ද වැඩිවන බව ඔවුන් පවසනවා.
මේ, ඒ පිළිබද කරුණු දක්වන පරිසරවේදී සජීව චාමිකර.
කැලි කසල කළමනාකරණය ද ශ්‍රී ලංකාව මෙම වසරේදී මුහුණදෙන තවත් ප්‍රබල පාරිසරික අභියෝගයක් බවයි මෙහිදී විස්තර කෙරුණේ.
හදුනාගත් මෙම පාරිසරික අභියෝග ජය ගැනීම සදහා අණ්ඩුවට මෙන්ම පොදු මහජනතාවටද වගකීම් පැවරෙන බව පරිසරවේදීන් අවධාරණය කරනවා.
මේ, එම වගකීම් පිළිබද සිහිකැදවීමයි.