Thursday, May 16, 2024

General line - 0115112241

කොළඹ නාගරික මන්තී‍්‍රවරයෙකු අත්අඩංගුවට

හේමන්ත කහවලගේ




ඛණිජතෙල් නීතිගත සංස්ථා පරිශ‍්‍රයේ ඉකුත් දා ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ නාගරික මන්තී‍්‍රවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් අපරාධ කොට්ඨාශය විසින්.

සංස්ථා පරිශ‍්‍රයට ඇතුළු වී රාජකාරියට බාධා කිරීම සහ අයුතු ජනරාශියකට සම්බන්ධ වීම මන්තී‍්‍රවරයාට එරෙහි චෝදනා වනවා. 

ඉකුත් වසරේ ඔක්තෝම්බර් 28 වැනිදා හිටපු ඛණිජ තෙල් අමාත්‍ය අර්ජුණ රණතුංග, ඛණිජතෙල් නීතිගත සංස්ථා පරිශ‍්‍රයට පැමිණි අවස්ථාවේ මෙම කලහකාරී සිද්ධිය ඇතිවුණා.