Monday, April 29, 2024

General line - 0115112241

"රට බෙදන්න මට වැඩක් නෑ.." අගමැති දකින සිහිනය ජනතාවට පෙන්වයි




මෙම වසර තුළ පමණක් ඩොලර් බිලියන 5,000කට අධික ණය ගෙවීමට ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ අකමැත්තෙන් හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට සිදුව ඇති බවයි. 

එහිදී "රට බෙදන්න මට වැඩක් නෑ..මට අවශ්‍ය මුළු ඉන්දියන් සාගරයම කොළඹට එකතු කරන්න. මේ ගෙවන්න වෙලා තියන ණය අපේ පව් නෙමෙයි..පරණ පව්. ඒත් අපි ඔක්කොටම මේ පව් ගෙවන්න වෙලා තියෙනවා. ගිය වසර තමයි අමාරුම අවුරුද්ද. නියගය..ජල ගැලීම්වලට මුහුණ දෙන්න වුණා. ආණ්ඩුව පන්නන්න ගියා." යනුවෙන් සඳහන් කළා.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ දෙමටගොඩ ප‍්‍රදේශයේ නිවාස ඒකක 266කින් සමන්විත මහල් නිවාස සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.