Monday, April 29, 2024

General line - 0115112241

පාසල් කටයුතු යැයි පවසා සල්ලි එකතු කිරීම නතර කිරීමට පියවර




ජාතික පාසල්වල පැමිණිළි භාර ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශයෙන් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරියක් ඒ වෙනුවෙන් පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

පාසල් කටයුතු සඳහා යැයි පවසමින් මව්පියන්ගෙන් මුදල් එකතු කිරීම තවදුරටත් සිදුවන බව ද අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ පිළිබඳ තොරතුරු ද අධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික පාසල් ශාඛාව වෙත යොමු කරන ලෙසටයි දැනුම් දෙන්නේ.

මෙවැනි මුදල් එකතු කිරීම් නතර කිරීමට වහා පියවර ගැනීමට ද අධ්‍යාපන අමාත්‍යංශය මේ වනවිට කටයුතු ආරම්භ කර තිබෙනවා.