Friday, September 20, 2024

General line - 0115112241

මහපාරේ චන්ඩි පාට් දැමූ බස්රථ රියදුරාට හා කොන්දොස්තරට වැඩ වරදී!



දිගන කොළඹ බස්රථයක රියැදුරෙක් මෝටර් රථයක් හරස්කොට එහි රියැදුරාට පහරදීමට උත්සාහ කළ ආකාරය දැක්වෙන වීඩියෝවක් ඊයේ දිනය වනවිට අන්තර්ජාලය ඔස්සේ ජනප්‍රියත්වයට පත්ව තිබුණි. Sri Lankan Traffic Violations ෆේස්බුක් පිටුව මගින් මුල්වරට එම වීඩියෝව ෆේස්බුක් වෙත මුදාහැරීමෙන් අනතුරුව බොහෝ මාධ්‍ය එම සිදුවීමට ප්‍රචාරයක් ලබාදී තිබුනේ වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලමිනි.

ඒ අනුව ඉතා කෙටි කලක් තුල ඒ පිලිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් කටයුතු කොට තිබේ. ඒ අනුව රියදුරාට හා කොන්දොස්තොරවරයාට ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ලබා දී තිබු බලපත්‍ර අවලංගු කොට තිබෙන අතර මින්පසුව රියදුරු හා කොන්දොස්තර දෙපලට අන්තර්ප පළාත් බස් සේවාවේ කිසිදු බස් රථයක සේවය කිරීමට නොහැක.

එම වීඩියෝව බලන්න පහතින්