Monday, May 6, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ පුහුණුකරු හදිසි කාරණාවක් නිසා තාවකාලිකව ඉවත් වෙයි

කසුන් කැළුම්




ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ අංශයේ පුහුණුකරු ජෝන් ලෙවිස් හදිසි කාරණාවක් හේතුවෙන් ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරගාවලිය අතුරතුර ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

පවුලේ කාරණාවක් මුල්කරගෙන ඇති වූ හදිසි තත්ත්වයක් නිසා ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගයේදී ඔහුගේ මෙම ඉවත්වීම සිදුවෙනු ඇති.

කෙසේවෙතත් ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලියේදී ජෝන් ලෙවිස් යළිත් ශ්‍රී ලංකා කණ්ඩායම සමග එකතු වෙන බවයි දැනුම් දී ඇත්තේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුව විසුරුවා නොමැති බව ද ක්‍රීඩා ඇමතිවරයා දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහව ක්‍රිකට් තේරීම් කටයුතු සම්බන්ධයෙන්ද ඉවත් කර නොමැති බවයි ඉන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.