Monday, May 6, 2024

General line - 0115112241

ප්‍රධාන තරගාවලියෙන් ශ‍්‍රී ලංකාවට ඉඩක් නොමැති 20යි 20 කි‍්‍රකට් තරග කාලසටහන එළිදකී

තරංග රුක්ෂාන් ජයසේකර




ඉතිහාසයේ පළමු වරට ශ‍්‍රී ලංකාව නොමැතිව 2020 වසරේ පැවැත්වෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ තරග කාලසටහන එළි දක්වා තිබෙනවා.

පන්දු වාර 20 යි 20 ලෝක කුසලානය ආරම්භ වූ 2007 වසරේ සිට අවසන් වරට පැවැති 2016 වසර දක්වා සෑම අවස්ථාවකදීම ශ‍්‍රී ලංකාව ප‍්‍රධාන තරගාවලියට ඇතුළත් වුණා.

එහෙත්, මෙවර ජාත්‍යන්තර ශ්‍රේණි ගත කිරීම් අනුව ශ‍්‍රී ලංකාව 09වන ස්ථානයේ පසුවීම හේතුවෙන් ඍජුවම ප‍්‍රධාන තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව ගිලිහී ගියා. ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ සිටින කණ්ඩායම් 08 ප‍්‍රධාන තරගාවලියට ඍජුවම සුදුසුකම් ලබා තිබෙනවා. ඒ අනුව ශ‍්‍රී ලංකාවට, තරගාවලියට ඇතුළුවීම සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියකට කී‍්‍රඩා කර එහි පළමු ස්ථාන 02අතරට එක්වීම අනිවාර්යයි.

මේ අතර 2011 වසරෙන් පසු පළමු වරට ඉන්දියාව සහ පකිස්තානය ලෝක කුසලානයක මූළික වටයේදී එකිනෙකා මුණ නොගැසීම ද මෙවර තරග කාල සටහනේ තවත් විශේෂත්වයක්. 2020 වසරේ පන්දුවාර 20 යි 20 ලෝක කුලසාන කි‍්‍රකට් තරගාවලිය ඔස්ටේ‍්‍රලියාවේදී පැවැත්වීමට නියමිතයි.