Wednesday, May 1, 2024

General line - 0115112241

කොළඹ ප්‍රධාන පන්සලක ඇතාට සිදුවන හිංසනයක් කැමරාවක සටහන් වෙයි (VIDEO)

දිනුක් හේවාවිතාරණ / සුපෙම් මානගේ




කොළඹ ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක සිටින හස්තියෙකුට එම හස්තියා රැක බලා ගැනීමට පත් කර සිටින අත්ගොව්වෙක් විසින් සිදුකරනු ලබන පහරදීමක් ඇතුලත් වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාල හරහා සංසරණය වෙමින් පවතිනවා.

එම හස්තියා නැවීමට රැගෙන ගොස් සිටින අවස්ථාවේදී සිදුකරනු ලබන මෙම පහර දීම හේතුවෙන් හස්තියා වේදනාවෙන් කෑ ගසනා අයුරු දක්නට ලැබෙන අතර එම දර්ශනයන් ඇතුලත් වීඩියෝව සමාජ ජාල ඔස්සේ හුවාමරු වීමත් සමග විහාරස්ථානවල සිටින අලි ඇතුන් ගේ සුබසාධනය සම්බන්ධයෙන් දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

ඉකුත් වසරේද දෙවිනුවර දේවාලයේ කරඬුව වැඩම කිරීමට යොදා ගත් "කලණ" නම් හස්තියා බැඳ දමා සිටීම හා එම හස්තියා දරුණු ලෙස වද බන්ධනයන්ට ලක් කර තිබීම හේතුවෙන් වනජීවී දෙපාර්තමේන්තුව විසින් එම හස්තියා සිය භාරයට ගනු ලැබුවා.