Thursday, May 2, 2024

General line - 0115112241

හෙරොයින් සමග කොටු වූ අඹුසැමි යුවලේ සැමියා දූෂණ මර්දන ඒකකයේ කොස්තාපල්වරයෙක්

හේමන්ත කහවලගේ




රුපියල් මිලියන 36කට වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග ඊයේ (30) අත්අඩංගුවට ගත් අඹුසැමි යුවලෙහි සැමියා කැළණිය දූෂණ මර්දන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයෙකු බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

මෙම අඹුසැමි යුවළ අත්අඩංගුවට ගැණුනේ කිරිබත්ගොඩ ඊරියවැටිය පාර ප‍්‍රදේශයේදීයි.

ත‍්‍රස්ත විමර්ශන දිසාව විසින් වැටලීම සිදු කෙරුණා. සොයාගත් හෙරොයින් තොගයේ බර කිලෝග‍්‍රෑම් 03කට වැඩියි. 

සැකකාර අඹු සැමි යුවල විසින් මෙම හෙරොයින් අලෙවි කර ඇත්තේ විවිධ සන්නාම යටතේ බවද මේ වනවිට අනාවරණ වී තිබෙනවා. මෙම සන්නාම පිළිබඳ සැලකීමේ දී සැක පළව ඇත්තේ සැකකාර අඹුසැමි යුවල විසින් සිදු කර ඇති හෙරොයින් ජාවාරම ඉකුත්දා දෙහිවලින් සොයා ගැණුනු ශ‍්‍රී ලංකාවෙන් මෙතෙක් සොයාගත් විශාලතම හෙරොයින් තොගය සමඟ ද බැඳී ඇති බවටයි.

ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කෙරෙනවා.