Thursday, May 2, 2024

General line - 0115112241

සියලු විද්‍යුත් මාධ්‍ය අද පොදු අරමුණක් වෙනුවෙන් එකතු වෙයි

ලහිරු කපුගේ




සමාජ ප‍්‍රගමනය උදෙසා විද්‍යුත් මාධ්‍ය ක‍්‍රියාකළ යුත්තේ කෙසේදැයි සාකච්ඡා කිරීමට ශ‍්‍රී ලංකාවේ සියලූ විද්‍යුත් මාධ්‍ය ආයතනවල නියෝජිතයින් කොළඹ දී අද (31) රැස්වනවා. ඒ, විද්‍යුත් විකාශකයින්ගේ සංසදය විසින් පළමු වරට සංවිධාන කරන ශ‍්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සමුළුවේදීයි. 

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන ශ‍්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදයේ ප‍්‍රධාන ලේකම් ලක්සිරි වික‍්‍රමගේ පෙන්වා දුන්නේ සමාජ ප‍්‍රගමනය උදෙසා විද්‍යුත් මාධ්‍ය ක්‍රියාකාරීත්වය විද්‍යුත් විකාශකයින්ගේ සංසදයේ  පළමු ව්‍යාපෘතිය බවයි. 

මේ අතර ශ‍්‍රී ලංකාවේ සියලූ විද්‍යුත් මාධ්‍ය එක්ව අද පවත්වන මෙම සමුළුව ශ‍්‍රී ලංකාවේ හැරවුම් ලක්ෂයක් බව විද්වතුන් පෙන්වා දෙනවා. ඒ පිළිබඳ කරුණු දක්වන අන්තර් ජාතික මාධ්‍ය සහයෝගීතාවයේ ආසියානු කලාපයීය උපදේශක, රජයේ හිටපු ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය පැවසුවේ සමාජය යහ සමාජයක් බවට පත් කිරීමේ පොදු අරමුණකට සියලු මාධ්‍ය ආයතන යොමුවීම බලාපොරොත්තු තැබිය හැකි කරුණක් බවයි. . 

ශ‍්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදයේ සභාපතීත්වය දරන්නේ නෙත් එෆ්. එම්. රේඩියෝවේ ප‍්‍රධාන විධායක නිලධාරී අසංග ජයසූරියයි.