Wednesday, May 1, 2024

General line - 0115112241

මත්තල ක්‍රියාකාරී කරන්න තවත් සැළසුමක්

ලහිරු කපුගේ




රැකියා සඳහා විදෙස්ගත වන්නන්ගෙන් සැලකිය යුතු පිරිසකට මත්තල ගුවන් තොටුපලෙන් සේවා සැපයීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. 

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පෙන්වා දුන්නේ "දකුණු පළාත, මඩකලපුව, අම්පාර වගේ ප්‍රදේශවලින් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් පිටරට යනවා. ඉතින් ඒ පිරිස මත්තල ගුවන් තොටුපළ හරහා විදේශ ගත කරවීමේ වැඩපිළිවෙලක් ගැන සාකච්ඡා කළා.". යනුවෙනි. 

මත්තල ගුවන් තොටුපල ක‍්‍රියාකාරී ගුවන් තොටුපලක් බවට පත් කිරීම මෙමගින් අපේක්ෂා කරන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.