Monday, May 6, 2024

General line - 0115112241

මාලිංග සහ මැතිව්ස් හමුවීමෙන් පසු ක්‍රීඩා ඇමති කණ්ඩායමේ සෙසු පිරිස සමගත් සාකච්ඡා කරන්න යයි

කසුන් කැළුම්




ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු  ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. 

ඒ, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයින් අතර පවතින මත ගැටුම් සම්බන්ධයෙන් ඔවුන් සමග සාකච්ඡා කර ඊට විසඳුම් ලබාදීමටයි. ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු ඊයේ (30) දිනයේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ වත්මන් එක්දින නායක ලසිත් මාලිංග සමග ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා.

දැනට  ඕස්ටේ‍්‍රලියාවේ තරග සංචාරයක නිරත සෙසු ක‍්‍රීඩකයින් සමග ද මේ සම්බන්ධයෙන් තමන් සාකච්ඡා කරන බවයි ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ. 

ලසිත් මාලිංග සහ තිසර පෙරේරා අතර ඇති වූ මත ගැටුමත් සමග කණ්ඩායමේ එකමුතුකම ගිලිහී ගොස් ඇති බව ඇතැම් විචාරකයින් පෙන්වා දී තිබුණා. ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට තවත් මාස කිහිපයක් පමණක් ඇති බැවින් කණ්ඩායම තුළ පවතින කල්ලිවාදය අවසන් කර දක්ෂතාවලින් පිරිපුන් කණ්ඩායමක් ඒ සඳහා එක් කිරීම සිය අපේක්ෂාව බවයි ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වැඩිදුරටත් කියා සිටියේ.

ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්ව ගිය ක‍්‍රීඩා අමාත්‍යවරයා එරට ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පැවැත්වෙන නිදහස් සැමරුම් උත්සවයකට ද සහභාගී වීමට නියමිතයි. ඒ සඳහා ශ‍්‍රී ලංකා -  ඕස්ටේ‍්‍රලියා ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් ද එක්වනු ඇති.