Wednesday, May 1, 2024

General line - 0115112241

නවක වේග පන්දු යවන්නන් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අසරණ කරයි

දිනුක් හේවාවිතාරණ




ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග කැනබරා හිදි අද (01) ආරම්භ වු දෙවන ටෙස්ට් තරගයේදි ශ්‍රි ලංකා කණ්ඩායමේ නවක වේග පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවිම හමුවේ ඕස්ට්‍රේලියානු පිතිකරුවන් දැඩි අසිරු තාවයකට මුහුණ පා සිටිනවා.

කාසියේ වාසිය දිනු ඕස්ට්‍රේලියානු නායක ටිම් පේන් මුලින්ම ලැබුවා පහර දිමට තිරණය කරනු ලැබුවා.


කෙසේ වුවත් ඔහුගේ තිරණය නිවැරදි නොවන බවට පසක් කර දෙමින් ශ්‍රි ලංකා පිලේ විශ්ව පෙරේරා සහ අද දිනයේදි ටෙස්ට් වරම් හිමිකර ගත් චාමික කරුණාරත්නගේ දක්ෂ පන්දු යැවිම හමුවේ ඕස්ට්‍රේලියාවේ මුල් පෙලේ පිතිකරුවන් තිදෙනාම ලකුණු 28ක් තුලදි දවා ගැනිමට හැකි විය.

එහිදි විශ්ව පෙරේරා විසින් කඩුලු දෙකක් සහ චාමික කරුණාරත්න එක් කඩුල්ලක් දවා ගනු ලැබුවා.

මේ වන විට ඕස්ට්‍රේලියාව කඩුලු තුනක් දැවි ලකුණු 58ක් ලබා ගෙන සිටිනවා.