Thursday, May 2, 2024

General line - 0115112241

නාවික හමුදා සෙබළුන්ට පහර දුන් කින්නියා ප්‍රදේශයේ වැලි ජාවාරම ජයටම




නීතිවිරෝධී වැලි ගොඩ දැමීම් සම්බන්ධයෙන් ප‍්‍රශ්නගත වු කින්නියා කන්දල්කාඩු ප‍්‍රදේශයේ මහවැලි ගගේ නීතිවිරෝධී වැලිගොඩ දැමීම් සම්බන්ධයෙන් ඉකුත් වසරේදී පමණක් වැටලීම් 227 ක් සිදුකර ඇති බව පොලීසිය පවසනවා. 

එහිදී සැකකරුවන් 229 දෙනෙකු හා වැලි කියුබ් 366 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සදහන් කරනවා. ටිපර් රථ 111 ක් සහ ට‍්‍රැක්ටර් රථ 116 ක් එම කාලසීමාව තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඉකුත්දා 29 වනදා කින්නියා, කන්දකාඩු ප‍්‍රදේශයේ නීතිවිරෝධී වැලිජාවාරම්කරුවන් වැටලීමට ගිය නාවික හමුදා සෙබළුන් පිරිසකට ප‍්‍රදේශවාසීන් පිරිසක් සිදුකළ පහරදීමකින් නාවික භටයන් 12 දෙනෙකු තුවාල ලැබුවා.