Monday, April 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා අලුත් වේග පන්දු යවන්නෝ ඕස්ට්‍රේලියාව දණ ගස්සයි




සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය කැන්බරාහිදි අද ආරම්භ වුණා.

කාසියේ වාසිය හිමිකර ගෙන පළමුව පන්දුවට පහර දෙන්නේ ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමයි. ඒ අනුව මීට නොබෝ වේලාවකට පෙර ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 03ක් දැවී ලකුණු 103ක් ලබා සිටියා.

ආරම්භක පිතිකරු මාකස් හැරිස් ලකුණු 11කට දැවී ගිය අතර උස්මන් කවාජා ලකුණු ලබා ගැනීමට පෙර විශ්ව ප‍්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ දැවී ගියා. මානස් ලැබුස්කැග්නේ දැවී ගියේ ලකුණු 06කටයි.  පන්දු යැවීමේදී විශ්ව ප‍්‍රනාන්දු කඩුළු 02ක් බිඳ හෙලූ අතර අද ටෙස්ට් වරම් හිමිකර ගත් චාමික කරුණාරත්න ද එක් කඩුල්ලක් දවා ගත්තා.