Tuesday, April 30, 2024

General line - 0115112241

ගම්පෙරළියට ඇති බාධාවක් අගමැති හෙළි කරයි




ගම්පෙරළිය සංවර්ධන ව්‍යාපෘතියට ඇතැම් ප‍්‍රාදේශීය සභා බාධා කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. මෙම සංවර්ධන ව්‍යාපෘතිය නිසාම ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජය ගනු ඇතැයි ඇතැම් අයට ඇතිවී තිබෙන බිය ඊට හේතුවී තිබෙන බවයි අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. ගම්පෙරළිය සහ එන්ටර්ප‍්‍රයිසස් ශ‍්‍රී ලංකා යන වැඩසටහන් හඳුන්වාදීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ අද පැවැති උත්සවයදී මෙම අදහස් පළ කෙරුණා. 

කවුරුන් බාධා කළද, එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී ගොඩනගන නව සන්ධානය අනිවාර්යයයෙන් ජය ගන්නා බව ද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. අලූතින් බඳවා ගත් සමෘද්ධි නිලධාරීන් 750දෙනෙකු ද ගම්පෙරළිය ව්‍යාපෘතිය සඳහා යොදවන බවයි අග‍්‍රාමාත්‍යවරයා පැවසුවේ.