Monday, April 29, 2024

General line - 0115112241

පොලිස් නිලධාරීන්ට කළ ජනපති ඇගයීම් පිළිබඳ වැරදි පුවත් කිහිපයකට පොලීසියෙන් නිවැරදි කිරීම්




මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කළ පොලිස් නිලධාරීන් සඳහා ජනාධිපතිවරයා ඉකුත්දා කළ ඇගයීම් සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය වැරදි තොරතුරු වාර්තා කර ඇතැයි පොලීසිය පවසනවා. මේ, ඒ පිළිබඳ කරුණු දක්වන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර.

මෙම ඇගයීමේදී පොලිස්පතිවරයාටද පදක්කමක් නිර්දේශ කරනු ලැබ තිබී පසුව ඔහුගේ නම ඉවත් කර ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබෙන බවද, එහෙත් එය අසත්‍ය බවද, මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කළ පොලිස් නිලධාරීන් සඳහා ජනාධිපතිවරයා සිදු කළ මෙම ඇගයීම් සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍යයන් විසින් පළ කර ඇති තවත් ප‍්‍රවෘත්ති කිහිපයක් පිළිබඳව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙහිදී නිවැරදි කිරීම් සිදු කළා.