Monday, April 29, 2024

General line - 0115112241

පුත්තලමේ අතුරුදන් දැරිය සොයා විල්පත්තුවත් පීරයි

දිල්ශාන් තුෂාර




පුත්තලම කරුවලගස්වැව නීලබැම්ම ගම්මානයේ අතරුදන් වූ දැරිය සොයා විල්පත්තු වනෝද්‍යානය තුළ අද විශේෂ මෙහෙයුමක් සිදු කෙරුණා. එහෙත් අද දිනය තුළත් දැරිය පිළිබඳ කිසිඳු තොරතුරක් හෙළි කර ගැනීමට හැකි වී නොමැති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

පොලීස් නිලධාරීන් සහ  සිවිල් ආරක්ෂක නිලධාරීන් ඇතුළු 200කට වැඩි කණ්ඩායමක් මෙම මෙහෙයුමට එක්ව සිටියා. වනෝද්‍යානය තුළට කිලෝ මීටර් 09ක පමණ දුරක් ඔවුන්ගේ සෝදිසියට ලක්වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ. 

දැරියගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ඇගේ මව සහ පවුලේ සෙසු පිරිස් විසින් වරින්වර පරස්පර විරෝධී තොරතුරු සැපයීම ද පරීක්ෂණවලට බාධාවක් වී තිබෙනවා. දැරියගේ පියා පවුල අතහැර ගොස් වෙනත් විවාහයක් කර ගැනීමට අපේක්ෂාවෙන් සිටින්නෙක්. මෙම දැරිය සිව්වන වියේ පසුවනවා.