Tuesday, April 30, 2024

General line - 0115112241

ජනාධිපති අපේක්ෂකයා ගැන තවම තීරණය කර නැහැ - විපක්ෂ නායක

හේරත් ඒකානයක




තම කණ්ඩායම නියෝජනය කරමින් මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්දැයි තවමත් තීරණය කර නැතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ මීලග ජනාධිපතිවරණය සඳහා ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යුතු බවට, පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද දිසානායක ඉකුත් දා කළ යෝජනාවට, මාධ්‍යවේදීන් හමුවේ අද ප‍්‍රතිචාර දක්වමින්.

මීළග මැතිවරණය සඳහා තම කණ්ඩායම ඉදිරිපත් කෙරෙන ඡුන්ද ලකුණ පිළිබඳව ද තවමත් අවසන් තීරණයක් නොමැති බව මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියා. ඒ, තම කණ්ඩායම පොහොට්ටුව ලකුණින් ඊට තරග කළ යුතු බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණතුංග ඉකුත් දා කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින්.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවට ගොස් ශ‍්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගත්තා. පසුව ඔහු අස්ගිරි සහ මල්වතු මහ නා හිමිවරුන්ද බැහැදුටු බවයි නෙත් නිවුස් මහනුවර වාර්තාකරු පැවසුවේ.