Tuesday, April 30, 2024

General line - 0115112241

කුසල් පෙරේරා පිටියෙන් ඉවතට - හිස් ආවරණයේ පන්දුවක් වදී (PHOTOS/VIDEO)

කසුන් කැළුම්/දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සත්කාරක ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී පන්දුවක් හිසේ වැදීමෙන් කුසල් ජනිත් පෙරේරා ද තාවකාලිකව අද (03) පිටියෙන් ඉවත් වුණා.

ජේ. රිචඞ්සන් යැවූ කෙටි පන්දුවක් කුසල් ජනිත්ගේ හිස් වැසුමේ පැති දාරයක වැදැනු අතර එහිදී හිස් වැසුමට හානි සිදුවුණා. 

කුසල් ජනිත්ට අද දිනයේ අවස්ථා දෙකකදී හිසට පන්දුව එල්ල වීම විශේෂත්වයක්. හිසට වැදුනු දෙවන පන්දුවේදී කුසල් ජනිත් යම් කම්පනයකට ද පත්වුණා. කෙසේවෙතත් පිටියේ මද වේලාවක් රැඳී සිටි කුසල් ජනිත් පසුව කී‍්‍රඩාගාරය වෙත රැගෙන යාමටයි වෛද්‍යවරුන් කටයුතු කළේ. ඔහු පිටියෙන් ඉවත් වනවිට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 29ක්. කුසල් ජනිත්ව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කිරීමටද පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ අතර ඊයේ (02) දිනයේදී පන්දුවක් හිසේ වැදීම හේතුවෙන් රෝහල් ගත කෙරුණු දිමුත් කරුණාරත්න පන්දුවට පහරදීමට අද යළි පැමිණියා.  දිමුත් කරුණාරත්න, ලකුණු 59කට දැවී ගියා. ධනංජය සිල්වා රැස් කළේ ලකුණු 25ක් පමණයි.

ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් රැස් කළේ ලකුණු සංඛ්‍යාව 534ක්. ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම ඕස්ටේ‍්‍රලියානු පළමු ඉනිමට ලකුණු 351ක් පිටුපසින් සිටිනවා. කැන්බරාහි පැවැත්වෙන මෙම තරගයේ තුන්වන දිනය අදයි.