Tuesday, April 30, 2024

General line - 0115112241

ජාතික නිදහස් දින රට පුරා 'කලු විරෝධයකට' සැරසේ

දිල්ශාන් තුෂාර




ශ‍්‍රී ලංකාවේ 71වන නිදහස් දින සැමරුම යෙදෙන හෙට (04) රට පුරා කලූ විරෝධයක් සිදු කරන බව වතුකම්කරුවන් පවසනවා. වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කරන්නැයි බල කරමින් පිහිටුවා ගත් ‘‘දහ ව්‍යාපාරය’’ විසිනුයි මෙම කලූ විරෝධය කැඳවා ඇත්තේ.

එහි සම කැඳවුම්කරු චින්තක රාජපක්ෂ මේ බව සඳහන් කළා. 

ආණ්ඩුව වතු කම්කරුවන්ගේ ඉල්ලීම්වලට ප‍්‍රතිචාර දැක්විය යුත්තේ දේශපාලන උපායන් ලෙස නොව, සැබෑ සද්භාවයකින් බව ද මෙහිදී අවධාරණය කෙරුණා.

වතුකම්කරුවන්ගේ වැටුප් ගැටලූවට ස්ථිර විසඳුමක් ලබා නොදුනහොත් තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බව පලනි දිගම්බරන් සහ මනෝ ගනේෂන් යන අමාත්‍යවරුන් ඉකුත් දා ප‍්‍රකාශ කර තිබුණා.