Tuesday, April 30, 2024

General line - 0115112241

'පවතින අස්ථාවරත්වය විසදෙන්න එජාපෙ ජනාධිපතිවරයෙක් අවශ්‍යයි'

දිල්ශාන් තුෂාර




පවතින අස්ථාවරත්වය විසඳාලීමට නම් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිවරයෙකු රටට අවශ්‍ය කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න පවසනවා. ඔහු ඒ බව පැවසුවේ නෙත් නිවුස් සමග කළ විශේෂ සංවාදයකදීයි.

එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්දැයි ද නෙත් නිවුස් මෙහිදී ප‍්‍රශ්ණ කළා.

එහිදී සඳහන් කෙරුණේ "කවුද? ජනාධිපති අපේක්ෂක කියන එක අපි ප්‍රසිද්ධ කරන්නේ නෑ.. තීරණය නිසි වේලාවට ගන්නවා. අපි දිනන අපේක්ෂකයාවයි අනිවාර්යයෙන් ඉදිරිපත් කරන්නේ." යනුවෙනි.