Tuesday, April 30, 2024

General line - 0115112241

ෆේස්බුක් සාදයට පොලිසියෙන් පනී - 89ක් අත්අඩංගුවට




හෝටලයක් තුළ ෆේස්බුක් මගින් සංවිධානය කළ නීති විරෝධී සාදයක් පවත්වමින් සිටි 89 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මෙම පිරිසට කාන්තාවන් 06 දෙනෙකුද අයත් බවයි වාර්තා වෙන්නේ.

මත්ද්‍රව්‍ය සමග පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන්.

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ හෝටලයක මෙම ෆේස්බුක් සාදය පවත්වමින් සිට තිබෙනවා.