Monday, May 6, 2024

General line - 0115112241

"රේගු වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් බදු ආදායම් සීග‍්‍රයෙන් පහතට"

ඩිල්ෂාන් මඩවල/ දිල්ශාන් තුෂාර




අකුරට වැඩ කිරීමේ සිය වෘත්තීය කි‍්‍රයාමාර්ගය හේතුවෙන් රේගුවේ බදු ආදායම් සීග‍්‍රයෙන් පහත වැටී ඇති බව රේගු වෘත්තීය සමිති පවසනවා.

රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් සුදත් ද සිල්වා පෙන්වා දෙන්නේ "දවසකට බිලියන 03ත් 04ත් අතර ප්‍රමාණයක් රේගුව එකතු කරනවා බදු ආදායම වශයෙන්. මේ වන විට ඒක 40%ක් 50% ක් දක්වා පහත වැටිලා තියෙනවා කියලා අපි හිතනවා. ලොකු ආර්ථික ගැටලුවක් තියෙන වෙලාවේ මේක ලොකුවට ආණ්ඩුවට බලපායි. සුළුවෙන් විසඳහන්න පුළුවන් ප්‍රශ්නයක් මේ තරම් දරුණු වෙනකම් ඉන්නේ ඇයි කියලා අපි දන්නෙත් නෑ." යනුවෙනි.

රේගු වෘත්තීය සමිති ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයට මේ වනවිට දින 05ක් ගතව තිබෙනවා.